යළිත් විදුලි කප්පාදුවක්..?? ලගදීම වෙන්න යන දේ ගැන අනතුරු ඇගවීමක්

Sri Lanka Ceylon Electricity Board
By Sewvandhi Aug 26, 2023 12:50 PM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සති 04ක කාලයකට පමණක් බවයි.

එනම් වාර්තා වන පරිදි, පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහළ වැටී තිබෙනවා.

තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වනවිට විදුලි බලය ලබාදීමට හැකියාව පවතින බවද එම මණ්ඩලය සඳහන් කළේය.