ලබන මාර්තු මස ඇතිවන දැවැන්ත අර්බුදයක් ගැන විශේෂ හෙළිදරව්වක්..

Sri Lanka Economic Crisis Sri Lanka Minister of Energy and Power Udaya Gammanpila
By Sithumi Dec 01, 2022 12:04 PM GMT
Report

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා රට නුදුරේදීම මුහුණ දෙන දැවැන්ත අර්බුදයක් ගැන සඳහන් කළා. එනම් ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහාමේ මොහොතේ බලධාරීන් පියවර නොගන්නේ නම් එළැඹෙන වසරේ මාර්තු මාසේ දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව එතුමා සඳහන් කළා .

වැඩිදුරටත් අදහස් දැක්වූ උදය දැක් වූ උදය ගම්මන්පිල මහතා..

"ජනවාරි මස 21 මාධ්‍ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය නිසා ගෙදර යන්න සිද්ධවුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුවා නම් රටට අද මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. ඔන්න දැන් ලබන මාසයේ ඉඳලා නැවතත් තෙත් කලාපයේ වියළි කාලය පටන් ගන්නවා.

නමුත් අද තත්ත්වය එදාටත් වඩා භයානකයි. සාමාන්‍යයෙන් අපේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 35%ක් පමණ මෙගා වොට් 810ක් හදන්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන්. අද විදුලිබල මණ්ඩලයම කියනවා ඔවුන් සතු ගල්අඟුරු තොගය මාස දෙකකට වත් ප්‍රමාණවත් නෑ කියලා. අනෙක් පැත්තෙන් දැන් යුරෝපයේ සීත ඍතුව ආරම්භ වෙලා තියෙනවා. උණුසුම් කිරීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිත කරන නිසා ලෝක වෙළෙඳපොළේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි හා මාර්තුවල ඉන්ධන මිල බරපතළ ලෙස ඉහළ යනවා.

එතකොට ඒ ඉහළ ගිය ඉන්ධන මිල එක්ක ඉන්ධන මිල දී ගන්න ඩොලර් ප්‍රමාණයත් වෙන්නේ නෑ. ඒ කියන්නේ ලබන වසරේ මාර්තු වනවිට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇති වීමේ අවධානමක් තියෙනවා. වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට කියන්නේ උද්දච්චව කටයුත්තු කරන්නේ නැතුව විෂය ගැන දන්න අයගේ උපදෙස්වලට ඇහුන්කම් දීලා දැන් ඉඳලාම වැඩපිළිවෙලක් හදන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now