අදාල තැනට ගිහින් කරන්ට් කපන්න කියයි - අලුත්ම වැඩපිළිවෙළ..

Sri Lanka Power crisis Electricity board power cut Pavithara Vanniarachchi
By Sewvandhi Mar 31, 2022 04:07 PM GMT
Report

විදුලිය විසන්ධි නොවන එහෙත් විදුලිය විසන්ධි වියයුතු ස්ථාන තිබේ නම් එම ස්ථාන වෙත ගොස් විසන්ධි කිරීමට කටයුතු කරන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

අමාත්‍යවරිය සඳහන් කළේ රෝහලකට හෝ පාර්ලිමේන්තුවට විදුලිය සැපයීමේදී එවැනි අවස්ථා උදාවිය හැකි බවය. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කළේ මන්ත්‍රී නිවාස වෙත විදුලිය විසන්ධි නොවන බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනි.

"විදුලිය විසන්ධි නොවන ස්ථානවලට මන්ත්‍රී නිවාසත් අයත් වෙනවා කියන කාරණය සම්පූර්ණයෙන් අසත්‍යක්."

"මන්ත්‍රී නිවාස කියලා නෙමෙයි සමහර වෙලාවට පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, රෝහලක් වෙන්න පුළුවන්."

"ඒකත් මම ඊයේ උපදෙස් දුන්නා නිලධාරීන්ට.. ඒ තැන විතරක් බේරලා විසන්ධි කරන්න පුළුවන් තැන් ප්‍රායෝගිකව එම ස්ථානයටම ගිහින් විසන්ධි කරන්න කියලා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now