28 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට වෙන්න යන දේ මෙන්න..
රට තුළ පවතින දැඩි වියවුල්කාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් මේ වනවිට විශාල ආර්ථික අවපාතයකට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ආර්ථික උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක තම වෘත්තිය ද දැඩි අපහසුතාවක පත්ව ඇති බවයි.
මේ හේතුවෙන් රට පවතින අර්බුද තුළින් යළි ගොඩගැනීමට අද වනවිට අඛණ්ඩව ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික අරගලයට සහාය දැක්වීමට එළඹෙන 28 වැනි දින ඇරඹෙන එක් දින රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෘත්තීය වැඩ වර්ජනයට තම සංගමය ද සියලු ජය්ෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් හා එක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම ඉදිරියේ දී ද ක්‍රියාත්මක වන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරින්ගේ සහාය ලබාදෙන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චම්පික පෙරේරා පවසනවා.
මේ අතර මෙරට සියලුම ආයෝජන කලාපවල එක් ලක්ෂ හතළිස් අටදහසකට වැඩි ඇගලුම් සේවක සේවිකාවන් පිරිසක් අප්‍රේල් 28 වැනිදා පවැත්වෙන දැවැන්ත විරෝධතාවට සහාය ලබාදෙන බව වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මාධ්‍යස්ථානය ද පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |