අද මධ්‍යම රාත්‍රියේ තැපෑලට සිදුවන දේ..

Nuwara Eliya Sri Lanka
By Sewvandhi Nov 07, 2023 09:29 AM GMT
Report

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පවසයි.

ඔවුන් පවසන්නේ, නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසයි.