උදේම හම්බවෙන කෙනාට Positive vibe එකක් දෙන්න.. ඔබ අනිත් අය අතරින් විශේෂම වෙන්නේ මෙහෙමයි (PHOTOS)
අපි හැමෝම කැමතියි ප්‍රියමනාප විශේෂ කෙනෙක් වෙන්න. ඉතින් එහෙම වෙන්න නම් අපි අපේ ආකල්ප හදා ගන්න ඕනි. අපේ ආකල්ප තමයි අපේ භාහිර හැසිරීම තීරණය කරන්නේ. ඉතින් එහෙනම් මේ අද අපි ගෙනාවේ ගගන සෝශල් මීඩියා ස්ටෝරි විශේෂාංගය.
උපුටා ගැනීම. අපිට ජීවිතේ හැම දවසක්ම එක වගේ නෑ. සමහර දවස් පටන් ගන්නේ හරිම අවුල් vibe එකකින් වෙන්න පුළුවන්. ඔලුවට කිසිම peaceful ගතියක් නෑ. අවුල් වෙලා වගේ දැනෙන්නේ. ඒත් එහෙම දවසටත් ඔයාට සිද්ධ වෙනවා වෙනදා වගේම දවස පටන් ගන්න. වෙනදා හම්බවෙන වගේම අලුතෙන්ම හම්බවෙන අය එක්කත් ගනුදෙණු කරන්න.
එයාලට කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න. හිතන්නකෝ මෙහෙම අවුල් දවසකට ඔයාට කාගෙන් හරිම හොඳ comment එකක් එනවා නම්, එහෙමත් නැත්නම් මොකක් හරි compliment එකක් ලැබෙනවා නම් ඔයාගේ දවස කොච්චර වෙනස් වෙන්න ඉඩ තියෙයිද?
මගේ එක යාලුවෙක් ඉන්නවා. අපි නිතරම කතා කරන්නේ නම් නෑ. මොකද ඇත්තටම අපි අපේ life එකේ දේවල් එක්ක busy වෙලා ඉන්න නිසා. නමුත් හිටපු ගමන් එක පාරටම මට දවසක උදේම good morning කියලා message එකක් එක්කම එයාට මාව මතක් වෙනවා කියලා කෙටි පණිවිඩයක් එවනවා. ඒ වගේම
"මං ඔයාට ආදරෙයි. ලස්සනට ඉන්න. මං ඔයා දිහා බලාගෙන ඉන්නේ." කියලා එවනවා. විශ්වාස කරන්න, මේ message එක ගොඩක් වෙලාවට මට ලැබෙන්නේ මං ගොඩක් අවුල් vibe එකක නැගිටින දවසට. ඒ නැතත් එච්චර go එකක් නැති දවසට.
මං දන්නේ නෑ එයාට මං කිසිම දෙයක් නොකියත් එයා කොහොමද ඒ වගේ දවසටම මට ලස්සන message එකක් එවන්නේ කියලා. ඒ කොහොම වුණත් එයා ඒ එවන message එකට පුළුවන් මගේ මූණට ලස්සන හිනාවක් ගේන්න.
හිත ඇතුලේ තිබ්බ බර ගතිය එක මොහොතකට අමතක කරවන්න. එදා දවස ලස්සනට හුස්මක් අරගෙන අලුතෙන්ම පටන් ගන්න. ඒ කෙටිම කෙටි පණිවිඩයට පුළුවන් මගේ ජීවිතේ අලුත්ම දවසකට ලස්සන ආරම්භයක් දෙන්න. ඉතින් ලස්සන වචන කීපයකට තව කෙනෙක්ගේ ජීවිතේ කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන් ද කියලා ඔයා කවදහරිම දවසක හිතලා තියෙනවද?
අපි දවසකට වචන කීයක් නම් කතා කරනවා ඇද්ද? ඉතින් ඒ වචන වලින් කීපයක් use කරලා තව කෙනෙක්ගේ දවසක් ලස්සන කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මහ ගොඩක් දේවල් ඕනෙ නෑ. උදේම හම්බවෙන කෙනාට ලස්සනට හිනාවෙලා good morning කියන්න.
ඒකම ඇති ඒ මනුස්සයගේ දවස ලස්සනම ලස්සන දවසක් කරන්න.
කොච්චර ප්‍රශ්න තිබ්බත් උදේම තව මනුස්සයෙක්ගේ ඔලුව කන්න යන්න එපා. පුළුවන් තරම් හොඳ වචන වලින්, හොඳ අදහසකින් දවස පටන් ගන්න උත්සාහ කරන්න. ඒක ඔයාට වගේම අනිත් අයටත් positive vibe එකක් අරගෙන ඒවි.
උපුටා ගැනීම - චමෝ