ජනප්‍රිය පසුබිම් ගායක ක්‍රිෂ්ණරාජ් අභාවප්‍රාප්ත වෙයි

Cinema Lead Tamil Cinema Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 22, 2026 06:30 AM GMT
Report

ජනප්‍රිය දකුණු ඉන්දීය පසුබිම් ගායක ක්‍රිෂ්ණරාජ් වයස අවුරුදු 75ක්ව සිටියදී සෞඛ්‍ය ගැටලු හේතුවෙන් චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වී තිබේ.

1989 වසරේදී දෙමළ සිනමා සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු, සිය සංගීත දිවිය තුළ චිත්‍රපට ගීත 300කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් රසික හදවත් දිනා ගැනීමට සමත් විය.

ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත අතරින් පොකලාරම් චිත්‍රපටයට ඇතුළත් වූ “තන්ජාවූර් මන්නු එඩුත්තු” ගීතය විශේෂ ස්ථානයක් හිමිකර ගනී.

අභාවප්‍රාප්ත ගායක ක්‍රිෂ්ණරාජ්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය චෙන්නායිහි වලසරවක්කම් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

දශක ගණනාවක් පුරා සිය හඬින් රසිකයන් පිනවූ ක්‍රිෂ්ණරාජ්ගේ අභාවය දකුණු ඉන්දීය සංගීත ක්ෂේත්‍රයට සිදු වූ පාඩුවකි.