උතුර වර්ණවත් කරන දැවැන්ත සංගීත ප්‍රසංගයට එන ජනප්‍රිය ඉන්දීය තරු "රීචා" නරඹන්න යයි.(VIDEO/PHOTOS)
බහුතරයක් දමිල ජනතාව වෙසෙන උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය සඳහා සහෘද දෙමළ ජනතාවගේ ආයෝජන මේ වනවිට වැඩිවෙමින් පවතිනවා.
ආයෝජන හැරුණු විට, සමාජ, කලා සහ සංස්කෘතික ඇතුළු බොහෝ ක්ෂේත්රවල උතුරු නැඟෙනහිර ඉස්මතු කරන ක්‍රියාකාරකම් සඳහා විදෙස් රටවල වෙසෙන දෙමළ ජනතාව දැඩි උනන්දුවක් දක්වනු ලැබීම ද විශේෂත්වයක්.
මෙම තත්ත්වය තුළ Northern Uni සහ ශ්‍රී ලංකාවේ SLIIT ආයතනය සමඟ අත්වැල් බැඳගෙන උතුරේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට නියමිතයි.
මාධ්‍ය අනුග්‍රහය
ඒ අනුව Northern Uni විසින් දෙසැම්බර් 21 වැනිදා යාපනය මුත්තවේලි පිටියේදී සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය ගායක හරිහරන්ගේ අති උත්කර්ෂවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ගගන අපගේ මාධ්‍ය ප්‍රධාන අනුග්‍රහය සහිතව මෙම සංගීත වැඩසටහන දෙසැම්බර් 21 වැනිදා යාපනය මුත්තවේලි පිටියේදී වර්ණවත් කිරීමට නියමිත අතර ඒ සඳහා ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ වීමද විශේෂත්වයක්.
එසේම මෙම ඇති උත්කර්ෂවත් සංගීත ප්‍රසංගය වඩාත් උත්කර්ෂවත් කිරීමට Northern Uni හිමිකරු වන ඉන්ද්‍රන් මහතාගේ භාර්යාව වන ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි රම්බා ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් සහභාගී වීමට ද නියමිතයි.
මෙම දැවැන්ත ප්‍රසංගය වෙනුවෙන් මේවන විටත් ඉන්දීය නිළි රම්බා ඇතුලු පවුලේ පිරිස ක් ලංකාවට පැමිණ තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙරටට පැමිණි එම පිරිස ලෝකයේ ඕනෑම රටක, ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට පවුල් පිටින් ඇවිත් සතුටු වෙන්න විනෝද වෙන්න පුලුවන් සුපිරිම තැනක් වන උතුරේ, අලිමංකඩ ප්‍රදේශයේ පවතිනව "රීචා කාබනික ගොවිපල"හි රැදී සිටින බවයි පැවසෙන්නේ.
මේ එලෙස ඉන්දීය නිළි රම්බා ඇතුලු පවුලේ පිරිසක් "රීචා කාබනින ගොවිපල" වෙත පැමිණි අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්,
මෙම මනස්කාන්ත සුන්දර ස්ථානය අක්කර 150ක භූමි භාගයක විහිදුණු නිදහස් පරිසරයක් වනවා.
පොල් ගස් 10000කින් සහ තල් ගස් විශාල ප්‍රමාණයකින් සමන්විත විවිධ නීල හරිත ශාකයන් ගෙන් යුත් මනස්කාන්ත පරිසරයක් වන මෙම ස්ථානයේ, දැනටමත් විශාල ප්‍රමාණයක් වගා කර ඇති මෙහි, කාබනික ආහාර නිෂ්පාදනය, සත්ව පාලනය (කුකුලන්- බිත්තර හා මස් සදහා), සියලු පහසුකම් වලින් යුත් යෞවන ආකර්ෂණය දිනාගත් අවන්හල ( reeCha forest island cafe) හා කාබනික ආහාර ගබඩාවක්ද මෙහි පවත්වාගෙන යනු ලබයි.
තවද දරුවන් වෙනුවෙන්ම ඇති තරම් සතුටු වන්න විනෝද වෙන්න, සෙල්ලම් කරන්න ළමා උද්‍යාන ඇතුලු විශේෂ පහසුකම් රැසක් මෙහි වෙන් කර තිබීම විශේෂ්වයක්.
ගාර්ඩ්න් ෂෙඩ් වැනි ගොඩනැගිලි, Richa Forest Island Cafe, The Love Bench, රටවල් කිහිපයක විවිධ රසයන් ගෙන් යුත් ආහාර රටාවන් රැසකින් සමන්විත අවන්හල්, මෙහි දක්නට ලැබෙන තවත් විශේෂ අංග අතර වේ.
මේ අතර, දෙසැම්බර් 21 වන දින පැවැත්වෙන දැවැන්ත ප්‍රසංගය සදහා සහභාගී වන දකුණු ඉන්දීය සුප්‍රසිද්ධ ගායන තරු කිහිපයක් පහත ඡායාරූපයන් ගෙන්,