රටම හඩවමින් ජනප්‍රිය නිළි පූජා උමශංකර් කලා දිවියෙන් සමුගනී..කිසිවෙක් නොසිතූ දෙයක් සිදුවෙයි.(PHOTOS)
ජනප්‍රිය නිළි පූජා උමශංකර් කලා දිවියෙන් නොකියාම සමුගෙන ඇති බවට මෙරට ජාතික පුවත්පතක් ඊයේ දිනයේ වාර්තා කළා.
ඇය සම්බන්ධව එම වාර්තා වල සඳහන් වූයේ පූජා කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බවටයි.
පූජා නැවත ලංකාවට නොපැමිණීමට දැඩි තීරණයක් ගෙන ඇති බවත්, රංගන දිවියට සම්පුර්ණයෙන්ම තිත තැබීමට ඇය තීරණය කර ඇති බවත් එම වාර්තා වල සදහන් වූ අතර සිය විවාහ දෙකේ පසුබෑම නිසා කලකිරීමෙන් සිට මෙලෙස අධ්‍යාත්මික ජීවිතයකට යොමු වීමට කටයුතු යෙදූ බවයි ඇයට සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ.
"කොච්චර ලොකුවට වෙඩින් එක ගත්තත් අන්තිමට මමයි මහත්තයයිනෙ ජීවත් වෙන්නේ.
බොරුවට සෝභනේට සල්ලි නාස්ති කරන්න මම කැමති නෑ. වැඩිපුර සල්ලි තියනව නම් මම කැමතියි ඒ සල්ලි චැරිටි වැඩවලට දෙන්න." ඇය සාකච්ඡාවේදී සදහන් කර තිබීම ද විශේෂත්වයක්.
කෙසේ වෙතත් කාලයකට පසු ඇය හින්දු දහම ඇදහීම වෙනුවට කිතුණු දහම තදින් අදහන්නියක බවට පත්වූ බව ඇගේ වෙනස්වූ ෆේස් බුක් පෝස්ටු මගින් නිරූපණය වූ අතර ඇය නිරන්තරයෙන්ම කිතුණු දහමට අදාළ පණිවිඩ හුවමාරු කරගනිමින් සිටියා.
පූජා ශ්‍රී ලංකාවේ ඉපදුණු පූජා මෙරට මෙන්ම දකුණු ඉන්දියාවේද සම්මාන රැසකට හිමිකම් කීවේ තම දක්ෂතාව කොතෙක්ද යන්න පෙන්නුම් කරමින්.
මේ අනුව,ඇය ගනු ලැබූ මෙම තීරණය නිසා ඇයට ආදරය කරන බොහෝ පිරිස් වඩාත් කනස්සල්ලට පත්වී සිටින බවයි වාර්තා වන්නේ.