පියෙකුට හා දියණියකට අමානුෂික ලෙස පහර දුන්, ගැටුමක් පාලනයට ගිය කාන්තාවක් කැති ප්‍රහාරයකින් ජිවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Mar 15, 2023 12:49 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 පොලීසිය සදහන් කලේ, පොල්පිතිගම නිකදළුපත ප්‍රදේශයේ 55 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ. කැත්තකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කාන්තාව මෙලෙස මියගොස් තිබේ.

එනම්, යතුරුපැදියක ගමන් කර සිටි පුද්ගලයකුට සහ ඔහුගේ දියණියට ඉඩම් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් අමානුෂික ලෙස පහරදී ඇත.

එම ගැටුම පාලනය කිරීම සඳහා මියගොස් ඇති කාන්තාව එම ස්ථානයට පැමිණ තිබේ. එහිදී සැකකරු විසින් එම කාන්තාවට ද කැත්තෙන් පහරදී ඇති අතර බරපතළ තුවාල ලැබූ තිදෙනාම රෝහල්ගතකර ඇත.

පසුව එම කාන්තාව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ පියා සහ දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now