නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය ඉතා දැඩි තීරණයක් ගනී.. (VIDEO)

sri lanka politics sri lanka sinhala news today trending news Mr.Ranjith Siyambhalapitiya
By krishani Apr 15, 2022 08:12 AM GMT
Report

එළඹෙන සතියේ 19 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වන බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අද (15) රුවන්වැල්ලේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ පළමු කාර්යය ලෙස නව නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කරගැනීමට සිදුවනු ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තා පැහැදිලි තීරණයක්. ජනතාව මේ වකවාණුවේ විදින අසීමිත දුක, දවස් ගණන් පොලීම්වල ඉඳලා ඔවුන් විඳින පීඩාව. පාරට බැහැලා ජනතාව රජයට දෙන පණිවිඩය වඩාත් ශක්තිමත් කළ යුතුයි. ඒක ඉතාම දැණෙන භාෂාවකින් රජයට කියන්න අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ රජයේ දරණ සියලු මැති ඇමති තනතුරුවලින් අයින් වෙලා ස්වාධීන වෙනවා කියන එක.

නමුත් ඒ මොහොතේ පක්ෂය තීරණයක හිටියා නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරත් තියෙන්නේ අපේ පක්ෂයට. මේ තනතුරු දෙක ස්වාධීන වෙන්න ඕනේ නෑ කියලා. හැබැයි මට අවශ්‍ය වුණා අඩියක් ඉදිරියට තියලා මේ තනතුරින් අයින් වෙලා රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදෙන පණිවුඩය වඩාත් ශක්තිමත් කරන්න. ඒ අවස්තාවේදීම මම මෙම තනතුරින් ඉවත් වුණා නම් ඊලඟ දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්යය වන්නේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අංක එක නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම. ඡන්ද විමසීමකට යන්න වෙනවා.

පාර්ලිමේන්තුවේ ඒ සතියේ තිබුණු ආර්බුදයත් එක්ක, ඒක මහා විශාල ප්‍රශ්නයකට තුඩු දෙන්න තිබුණා. ලබන 19වනදා රැස්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී පමණයි මම නියෝජ්‍ය කථානායක ධුරය දරන්නේ. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ලබන මැයි මාසේ 4වනදා. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අංක එකට එන්නේ නියොජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම. "

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join