ප්‍රබල අමාත්‍යවරුන් තුන් දෙනෙක් අමාත්‍යධූර ප්‍රතික්ෂේප කරයි.. රාජපක්ෂ ප්‍රබලයින් හතරදෙනෙකුට අමාත්‍යධූර නෑ.. කැබිනට් එක පත් වෙන්නේ මෙහෙමයි.. (VIDEO)

parliament politician cabinet sri lanka sinhala news srilankan politics Ministerial posts
By krishani Apr 18, 2022 01:41 AM GMT
Report

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද කැබිනට් අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බව ප්‍රකාශ කර තිබේ.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ තරුණ අමාත්‍ය මණ්ඩලයක් කඩිනමින් පත්වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවය.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය ද කැබිනට් අමාත්‍ය ධුර භාර නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ රටේ පවතින අර්බුදකාරී තත්වයට විසඳුම් ලැබෙන තුරු රජයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට සිය පක්ෂය තීරණය කර ඇති බවය.

මේ අතර, නව අමාත්‍ය මණ්ඩලයේ කිසිදු තනතුරක් නොගැනීමට තමා තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද පවසයි.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join