ජූලි 14 වනදා සිට සිදුවන දැවැන්ත වෙනස - 13 වනදායින් ඇරඹේ..
සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවට සර්වජන බලය විසින් ඉදිරිපත් කරන බවයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (11) දින සර්වජන බලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්ම්නපිල මහතා,
"අපි ප්‍රථමයෙන් ඉදිරිපත් කරන්නේ "අපි හදන සතුටු දැය" නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පියවරින් පියවර පැහැදිලි කරන වැඩසටහනක්. ඒ වගේම ඒක සකස් කරන්නේ ජනතා දායකත්වයෙන්. සහෝදර පක්ෂවල අදහස් අරගෙන අපි පසුගිය ජූලි 7දා ඒකෙ පළමු කෙටුම්පත ප්‍රසිද්ධ කළා. ජූලි 13 මහනුවරින් ආරම්භ වෙලා ජූලි 14 වනදා සිට ගම් මට්ටමින් රැස්වීම් විශාල ප්‍රමාණයක් කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා.
එහිදී මේ කෙටුම්පත සර්වජන සංවාදය හරහා ජනතාවගේ අදහස් ලබාගන්න යොමු කරනවා. අපේ නායකයින් ගමින් ගමට ඇවිත් ජනතාවගේ අදහස් ලබා ගන්නවා.මේ ජනතා අදහස් ගොනු කරලා අපි මේ වැඩසටහනේ දෙවන කෙටුම්පත නිකුත් කරනවා. ඒක පිළිබඳ විද්වතුන්, වෘත්තීයවේදින්, ව්‍යවසායකයින් සහ වෘත්තිය සමිති සමග සාකච්ඡා කරලා අවසන් වැඩසටහන ජනගත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රකාශනයක් සකස් වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි."