ප‍්‍රසිද්ධ නළුවෙක් හා දේශපාලක බෑනෙක් ගහපු ගේමක් පොලිසියට මාට්ටුයි..

Police Sri Lanka Actress
By Aruna Mar 03, 2022 05:30 AM GMT
Report

පසුගිය රජය සමයේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශය වෙත මිලදී ගෙන ඇති මිලියන 1300ක් වටිනා භාවිතයට ගත නොහැකි සන්නිවේදන උපකරණ ගනුදෙනුව පසුපස ප්‍රසිද්ධ නළුවෙකු හා ප්‍රබල දේශපාලනඥයකුගේ බෑනා කෙනකු සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන ඇති බවවට වාර්තා වනවා.

2017 දී මිලදී ගත් මෙම උපකරණ තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ ගොඩගසා ඇත්තේ ඒවායේ කාලය ඉකුත් වීම නිසාය.

මේ වනවිට එම උපකරණ මිලදී ගත් ඊශ්‍රායල් සමාගමද වසා දමා ඇති බව විමර්ශනයේදී හෙළි වී ඇත.

මෙම ගනුදෙනුවේදී ටෙන්ඩර් කැඳවීමකින් තොරව උපකරණ මිලදීගෙන භාණ්ඩවල වටිනාකමෙන් සියයට අසූවක්ද මුදල් ගෙවා තිබීම විශේෂිතය

. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා හදිසි මිලදී ගැනීමක් ලෙසින් සන්නිවේදන උපකරණ මිලදීගැනීමට ඒ කල සිටි හමුදාපතිවරු හා බුද්ධි ප්‍රධානීන්ගෙන්වත් කරුණු විමසා නොමැති බවද අනාවරණය කරගෙන ඇත.

මෙම දූෂිත ගනුදෙනුව ගැන සොයා බැලීමට පසුගිය වසරේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විමර්ශන භාරදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now