ආණ්ඩුවෙන් පිරිසක් හදිසියේ ඉවත්වීමට තීරණයක් ගනී...ඉවත්වන කණ්ඩායම මෙන්න..නාමල් ගෙනුත් විශේෂ ප්‍රකාශයක්..

Parliament Political Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Susil premajayantha
By Aruna Mar 27, 2022 04:46 AM GMT
Report

පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කොට ජයගත් මන්ත්‍රීවරුන් 10 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටින බව දැනුම්දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කොට තිබෙන බව වාර්තා වනවා.

මෙම මන්ත්‍රීවරුන් පිරිසට සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, නිමල් ලන්සා, ගෙවිඳු කුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රේමනාත් සි දොලවත්තය, රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකුද ඇතුළත් බවද වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක නොකිරීම හා රුපියල පාකර හරිමින් පොදුජන පෙරමුණට ඡන්දය ලබාදුන් ජනතාවට දරාගත නොහැකි ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඉඩ හැර බලාසිටීමට විරෝධය පළකරමිනි.

මේ පිළිබඳ කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේ උගතුන්, බුද්ධිමතුන් සහ වියතුන් හෑල්ලුවට ලක්කළ මෙවැනි යුගයක් මෙරට ඉතිහාසයේ කිසිදා නොවූ බවයි.

පවතින අර්බුදය විසඳා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ට කිසිදු උවමනාවක් නොමැති නිසා පොදුජන පෙරමුණෙන් තරග කොට ජයගත් පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීම සඳහා ජනාධිපතිවරයා මුණ ගැසීමට තීරණය කළ බවද හෙතෙම කියා සිටියා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා නොදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට එහි දේශපාලන මණ්ඩලයේදී තීරණයක් ගෙන ඇත.

පසුගිය 23 වැනිදා පැවැති සර්ව පාක්ෂික සමුළුවට ලංකා කම්කරු කොන්ග්‍රසය සහභාගි නොවන්නේද ඒ සඳහා විරෝධය පළකරමිනි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නියෝජ්‍ය ලේකම් කේ සත්‍යවේල් සඳහන් කළේ ජීවන් තොණ්ඩමන්ට හිමි වී ඇති වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වතුකම්කරු ජනතාවට කිසිදු සේවයක් කළ නොහැකි නිසා කුමන හෝ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය කරන ලද ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බවයි.

පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ලංකා කම්කරු කොන්ග්‍රසයට මන්ත්‍රී ධුර 4ක් හිමිව තිබේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට යෝජනා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් දරන අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී ආදර්ශයක් ලබාදෙන්නේ නම තමන් ද ඒ අනුව යමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.

“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා.

ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න.

එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න.

පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now