200ක් පැමිණ දැඩි උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පොලීසිය වෙඩි 38ක් තබයි..

CID - Sri Lanka Police Police spokesman
By Aruna Jun 27, 2023 01:44 AM GMT
Report

විරෝධතා කණ්ඩායමක් විසුරුවා හැරීමට හඟුරන්කෙත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අනතුරු ඇඟවීමේ වෙඩි 38ක් අහසට තබා තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම විරෝධාතාවය සඳහා පැමිණි කණ්ඩායමට 200ක පමණ පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ඊයේ (26) රාත්‍රීයේ කාලයේ කාත්තා හා පිරිමි පුද්ගලයින් පිරිසක් එලෙස හඟුරන්කෙත පොලිස් ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසයි.

කෙසේවෙතත් මේ හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් පැවති බවයි වාර්තා වන්නේ.