පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක්
Gun Shooting
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
පිළියන්දල, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, අද (19) උදෑසන මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීමක් අතරතුර මෙම සිද්ධිය වාර්තා වූ බවයි.
යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේදී, එක් සැකකරුවෙකු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියෙකුට පහරදීමට උත්සාහ කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර, යතුරුපැදියේ ගමන් කළ අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.