මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු සොයා පොලීසිය මහජන සහාය පතයි

Sri Lanka Police Investigation Latest Headlines Sinhala news SriLanka - Puwath
By R.rishma Aug 10, 2026 11:57 AM GMT
Report

2019 වසරේ රාගම, වල්පොළ ප්‍රදේශයේ කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

මීගමුව මහාධිකරණය විසින් අදාළ චූදිතයාට මරණීය දණ්ඩනය නියම කර ඇති අතර, ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩුව විභාග කර එම දඬුවම නියම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලීසියට අවශ්‍යව සිටින චූදිතයා 38 හැවිරිදි රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැත්තෙකු බව සඳහන් වේ.

ඔහු පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම් රාගම පොලිස් ස්ථානාධිපතිවරයා හෝ රාගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තොරතුරු ලබාදීමේදී අදාළ පුද්ගලයාගේ ආරක්ෂාවට හෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට බාධාවක් නොවන පරිදි කටයුතු කරන ලෙසද පොලීසිය දැනුම් දෙයි.