රාගම ග්‍රාම සේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

Curfew Latest Headlines Sinhala news Puwath.lk Mahara Prison
By R.rishma Aug 02, 2026 08:05 AM GMT
Report

මහර බන්ධනාගාරයේ ඊයේ (01) ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනකට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කර ඇති බව පොලීසිය පවසයි.

ඊයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි 246/කැන්දලියද්ද පාළුව–බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව–උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහා මෙම ඇඳිරිනීතිය පනවා තිබුණි.

පොලීසිය සඳහන් කළේ, මහර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බැවින්, අදාළ ග්‍රාම සේවා වසම් තුනට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.