පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය යථා තත්ත්වයට
අක්‍රියව පැවති පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ඒ අනුව, පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා වන ඉල්ලුම්පත් පෙර පරිදි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පොලිසිය සඳහන් කරයි.
දත්ත පද්ධතිය අක්‍රියව පැවති කාලය තුළ clear.application@police.gov.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ තාවකාලික ක්‍රමවේදයක් යටතේ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලබාදී තිබිණි.
එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ සියලුම අයදුම්කරුවන්ට පද්ධතිය යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව, පෙර පරිදි අදාළ ගෙවීම් සිදුකර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නැවත ඉල්ලුම්පත් ඉදිරිපත් කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
පොලිස් මූලස්ථානය යටතේ බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මඟින් මෙම නිෂ්කාශන සහතික නිකුත් කරනු ලබයි.
නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීම, අදාළ වාර්තා කැඳවීම සහ සහතික මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් මඟින් සිදුකරනු ලබයි.
කෙසේ වෙතත්, එම දත්ත පද්ධතිය පසුගිය 20 වැනිදා දහවල් 12.50 සිට අක්‍රියව පැවති අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කිරීමෙන් අනතුරුව පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.