රට රැකියා දෙනවා යැයි කියමින් තවත් කතක් සූක්ෂමව මුදල් ගරලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 30, 2023 08:48 AM GMT
Report

අද (30) අලුයම, පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 130ක මුදලක් වංචා කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැණින.

ඇය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 53ක් ලැබී තිබෙනවා.

ඉන්දියාවේ සිට අද අලුයම මෙරටට පැමිණි අවස්ථාවේදි ආගමන විගමණ නිලධාරීන් විසින් ඇයව සිය භාරයට ගෙන ඇත.

44 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පවත්වාගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කිහිපයකට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමට ලක් කළේ ය.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ගුවන් තහනමක් ද පනවා තිබෙනවා.