ඩුබායි චොකලට් සිහින පෙන්වා කතක් කළ කූඨ වංචාව.

Sri Lanka Police Sri Lanka Dubai Sri Lanka Police Investigation
By krishani Jun 24, 2023 12:38 AM GMT
Report

ඊයේ (23), ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඩුබායිහි චොකලට් නිශ්පාදනාගාරයක රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැණින.

එය සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා එක්ව මෙහෙයවා තිබෙනවා.

එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 750,000,00 බැගින් පුද්ගලයින් හත් දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයට පැමිණිලි 7ක් ලැබී ඇත.

තොරතුරකට අනුව එම කාන්තාව මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක සේවය කරන බවට විමර්ශන නිළධාරීන් විසින් ඇය එහිදී අත්අඩංගුවට ගන්නා ලදී.

ඇය මහියංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇයගේ සැමියා සොයා කාර්යංශය විසින් විමර්ශන සිදු කර තිබෙනවා.

කෙසේවෙතත් අද (24) ඇය මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.