පරිස්සමින් - පොලිසියෙන් මහජනතාවට කළ දැනුම්දීම..
ව්‍යාජ ලෙස සකස්කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ සිද්ධියකට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අවුරුදු 32,46 යන වයස්වල පසුවන තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් විසින් සියඹලාගස්වැව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව එම නිවසේ දෝෂ මගහරවා ගැනීමට රනින් නිම කරන ලද පක්ෂියෙකුගේ අනුරුවක් නිවසේ තැන්පත් කරන ලෙසට පවසා තිබේ.
නිවැසියාගෙන් ලක්ෂ 06ක මුදලක් අවශ්‍ය බව ඔවුන් පවසා ඇති අතර ඉන්පසු ලක්ෂ 03ක මුදලක් ලබාගැනීමෙන් අනතුරුව රන් ආලේපිත අනුරුවක් ලබා දී ඇත.
නිවැසියන් පසුව එම පක්ෂියාගේ අනුරුව රන් භාණ්ඩ වෙළෙඳසැලකින් පරීක්ෂා කිරීමක් සිදුකර ඇත.
එය ව්‍යාජ රන් ආලේපිත අනුරුවක් බව එහිදී අණාවරනය වූ අතර නිවැසියන් විසින් මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද(18) අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුදල් ලබාගැනීමේ අරමුණින් සිදුකරන මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙසටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |