නිධන් සොයා කැණීම් කළ දෙදෙනකුට වැඩ වැරදෙයි.

Sri Lanka Police STF Sri Lanka
By krishani Dec 18, 2022 07:27 AM GMT
Report

විශේෂ කාර්‍ය බලකා අම්පාර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමක දී නිධන් සොයා පුරාවස්තු කැණීම් කළ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ඊයේ (17) පෙරවරුවේදි ගෙන ඇත.

ඒ ඉගිනියාගල - ජයන්ති පුර වැව අසල රක්ෂිතයේදි කළ වැටලීමදී ය.

ඔවුන් වයස අවුරුදු 36 හා 46 වන හපුතලේ සහ වඩිනාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වේ.

ඒ සමග ඔවුන් කැණීම් සඳහා භාවිත කළ උපකරණ තොගයක් ද නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඉගිනියාගල පොලිසියට භාර කෙරිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join