මාංචු පිටින්ම පලා ගිය චුට්ටියා සහ චූටියා..
Sri Lanka Police
Sri Lanka
By krishani
අත් මාංචු පිටින් පැන ගිය අධිකරණයක් වෙත රැගෙන ආ කොල්ලකෑම් සබන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සැකකරුවන් දෙදෙනෙකු යළි අත්අඩංගුවට ගෙන ඇත.
කැස්බෑව අධිකරණයේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට රැගෙනවිත් සිටි “චුට්ටියා” සහ “චූටියා” නමැති කොල්ලකරුවන් දෙදෙනා එලෙස අත් මාංචු පිටින් පළාගොස් ඇත්තේ.
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7,000 ක මුදලක් කොල්ලකෑම සහ තවත් කොල්ලකෑම් කිහිපයකට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇති අතර කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී ඔවුන් පළාගොස් ඇත්තේ.
පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව සැකකරුවන් දෙදෙනා ඥාති නිවසක සිටියදී යළි අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |