පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහරදිමක් - තිදෙනෙකු අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 26, 2022 05:10 AM GMT
Report

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වත්තල පොලිස් වසමේ හැඳල ප්‍රදේශයේ දි ය.

ඔවුන් කෑකෝ ගසමින් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි දී ඇලකන්ද මාර්ගයේ සිට කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී පොලිසිය ඊයේ (25) නවතා ඇත.

ඉන්පසුව රාජකාරියේ යෙදී සිටි නිලධාරින් දෙදෙනෙකු විසින් අදාළ ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමට උත්සහකළ අවස්ථාවේ දී රියදුරු සහ පිටුපස අසුනේ සිටි දෙදෙනෙකු බීමත්ව සිටීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යාමේ දී මොවුන් පොලිසියට පහර දී පළා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් වත්තල පොලිසියට දැනුම් දීමෙන් පසුව එම ප්‍රදේශයේ දී සැකකරුවන් තුන්දෙනා ත්‍රීරෝද රථය සමඟම අත්අඩංගුවට ගැණුනු අතර මොවුන් අවුරුදු 25,29,30 යන වයස්වල පසුවන වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join