කාන්තාවක් මෙහෙය වූ කෝටි ගානක මංකොල්ලය.
විදේශීය රටකින් ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී, ගිනි අවි පෙන්වා ව්‍යාපාරිකයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා විය.
එම සිදුවීමට අදාළව මාස පහකට පමණ පසු ඊයේ (28) කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් මොවුන් අතර සිටින කාන්තාව මෙම ව්‍යාපාරිකයාගේ සහයිකාව ලෙස කටයුතු කරමින් මෙම කොල්ලය සැළසුම් කර මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.
එමෙන්ම ඇයත් සමඟ අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට අනාවරණ වී ඇත.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා විදේශ රටවලින් භාණ්ඩ ගෙනවිත් දීමේ ව්‍යාපාරයක නිරත වී තිබෙනවා.
එම භාණ්ඩ තොගය පැහැරගැනීමට ලක් වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 21 වනදා වන අතර කටුනායක ගුවන් තොටුපලේ සිට ඒවා රැගෙන යමින් සිටිය දී කටුනායක 18 කණුව ප්‍රදේශයේ දී ඔහු පසුපසින් තවත් වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ පිරිසක් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම පැහැරගැනීම සිදුකර තිබෙන්නේ.
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී මෙවැනි භාණ්ඩ තොගයක් අලෙවි කිරීමට සැරසෙන පුද්ගලයෙකු පිළිබඳව කටුනායක පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ ඔස්සේ කළ විමර්ශනවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පොලිස් භාරයට ගත් භාණ්ඩ අතර කැමරා උපකරණ, වාහන අමතර කොටස්, රන් සහ රූපලාවන්‍ය උපකරණ ඇතුළත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |