පොලිස් නිළධාරින් දෙදෙනෙක් අල්ලස් ගන්නා මොහොතේ මාට්ටු වෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඉපලෝගම පොලිස් ස්ථානයේ දූශණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් හා දූශණ චෝදනා මත විමර්ශණ කොමිසන් සභාවේ නිලධාරීන් භාරයට ගෙන ඇත.
ඉපලෝගම - කුංචිකුලම ප්‍රදේශයේ පුද්ගලයකු කර තිබූ පැමිණිල්ලක් අනුව අල්ලස් හා දූශණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් විසින් මෙහෙයුම සිදු කර ඇත්තේ.
එහි දී සැකකාර පොලිස් නිලධාරීන් පැමිණිලිකරුගෙන් රුපියල් 15000ක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් දෙදෙනා අද (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |