අනියම් බිරිඳගේ දැරිය වරින් වර අපයෝජනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණය දුන් නියෝගය..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 30, 2022 07:39 AM GMT
Report

අනියම් බිරිඳගේ 15 හැවිරිදි දියණිය වරින් වර අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ඊයේ (29) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා, වව්නියාව - ඊච්චන්කුලම පොලීසියට අනුයුක්තව සේවය කරන 54 හැවිරිදි එම තන්තිරිමලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වේ.

මීළග නඩු දිනයේ දී දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් මෙන්ම විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය තන්තිරිමලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර ඇත.

සැකකරු සිය අනියම් බිරිදගේ බාල වයස්කාර දැරියක් වරින් වර අපයෝජනය කරමින් සිටින බවට දන්වමින් අදාළ දැරිය ඉගෙනුම ලබන පාසලෙන් නිර්නාමික ලිපියක් තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබී තිබූ අතර ඒ අනුව පොලීසිය අදාළ දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

ඇය අපයෝජනයට ලක්වූ බව තහුවරු වීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join