තරුණියක් රවටා රැගෙන ගොස් සිව්දෙනෙකුට මුදලට ලිංගික ක්‍රියා සදහා විකුණයි - බේර ගන්න කියලා අම්මට හොර රහසේ මැසේජ් එකක් යවලා..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 15, 2022 05:55 AM GMT
Report

දෙහිවල ප්‍රදේශයේ හෝටලයකට 19 හැවිරිදි තරුණියක් රවටා රැගෙන ගොස් එහි කාමරයක දින 4ක් බලහත්කාරයෙන් රඳවා ඇයව මුදලට ගණිකා වෘත්තියේ යෙද වූ කාන්තාවක් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට  ගෙන ඇත.

අදාළ තරුණිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එම තරුණිය ඇගේ පෙම්වතා සමග වැලිගම ප්‍රදේශයේ ඉකුත් පස්වෙනිදා කොළඹට පැමිණ ඇත.

එදින රාත්‍රියේ ඇය බස්රථයෙන් දෙහිවල ප්‍රදේශයන් බස්වා ඔහු ගොස් ඇත.

තරුණිය ඇයගේ මාමා පදිංචි දෙහිවල නැදිමාල ප්‍රදේශයට පාගමනින් යන විට ත්‍රිරෝද රථයකින් ආ සැකකාර කාන්තාව මාමාගේ නිවසට ඇරලවන ලෙස පවසා ඇයව ත්‍රිරෝද රථයේ නංවාගෙන ඇය නවාතැන් ගෙන සිටින කාමරයට රැගෙන ගොස් ඇත.

පසුදින දෙහිවල නගරයේ පෞද්ගලික බැංකුවක් අසල ඇති හෝටලයකට රැගෙන ගොස් කාමරයක් කුලියට ලබාගෙන දින 4ක කාලයක් තරුණිය රදවාගෙන තිබේ.

එම කාලය තුළ තරුණියව පුද්ගලයන් සිවුදෙනකුට ලිංගික ක්‍රියාවන් සදහා යොදවා මුදල් ලබාගෙන ඇති අතර සැකකාරිය නිදාගැනීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථනය හොර රහසේ රැගෙන මවගේ දුරකථනයට තමාව බේරා ගන්නා ලෙස කෙටි පණිවිඩයක් යොමුකර ඇත.

අනතුරුව අතවරයට පත් තරුණියගේ මාමා විසින් ඒ බව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join