කාන්තාවකගේ ගමන් මල්ලේ සර්පයන් - කටුස්සෙක් ද ඒ අතර..

India
By krishani Apr 30, 2023 05:59 AM GMT
krishani

krishani

in ලෝකය
Report

සර්පයන් තොගයක් රහසිගතව ගමන් මලුවල බහා රැගෙන ආ කාන්තාවක් චෙන්නායි ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි කාන්තාවක් ය.

ඇයගේ ගමන් මලු පරීක්ෂාවේ දී ප්ලාස්ටික් බහලුම්වල රඳවා සිටි විවිධ විශේෂවලට අයත් සර්පයන් විසි දෙදෙනෙකු මෙලෙස සොයාගෙන තිබෙනවා.

එමෙන්ම දුර්ලභ වර්ගයේ කටුස්සෙකු ද ගමන් මල්ලක තිබී හමුවී ඇති අතර මෙම කාන්තාවට වනජීවී ආරක්ෂණ පනත යටතේ නඩු පැවරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join