පුද්ගලයෙක් මැණික් මල්ලක් සමග අත්අඩංගුවට..

Sri Lanka Police STF
By krishani Nov 11, 2022 05:56 AM GMT
Report

මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ මල්ලක් සමඟ පුද්ගලයෙකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

27 හැවිරිදි වියේ පසුවන ගල්ලෑල්ල තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුර වෙත ලද තොරතුරුකට අනුව කාර්තිවු ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සතුව තිබූ මෙම මල්ල තුළ තිබී මැණික් යැයි සැක සිතිය හැකි පාෂාණ 188ක් සහ මැණික් ගල් පරීක්ෂා කිරීමට භාවිත කරන උපකරණයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්තිවු පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.