පාසල් ළමයින් ඉලක්ක කරගෙන කළ මත්කරල් විකිණීම මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 28, 2022 04:48 AM GMT
Report

පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුව - වව්නියාව ප්‍රදේශයේ දී විශේෂ කාර්‍ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරින් සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී මත් කරල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අන්තරාදායක ඖෂධයක් වන Pregub 150 mg වර්ගයේ මත්කරල් 539ක් සන්තකයේ තබාගෙන මත් පෙති පාසල් දරුවන්ට අලෙවි කර ඇත.

දිගු කලක සිට මෙම සැකකරු අදාළ මත්පෙති ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර ඔහු 33 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම් පොලිසිය විමර්ශන කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join