මවගේ අනියම් පෙමට විරුද්ධ වූ දියණියකට ගුටි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 21, 2023 06:13 AM GMT
Report

අනියම් බිරිඳගේ දියණියට පහර දුන් පොලිස් සැරයන්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රීපුර පොලිසිය  විසින් ය.

17 හැවිරිදි දියණිය සිය මව පොලිස් සැරයන්වරයා සමග පවත්වන අනියම් සම්බන්ධතාවයට විරුධත්වය දක්වා තිබෙනවා.

එහිදී දියණිය විසින් නිවසේ සිටි පොලිස්සැරයන්වරයාට ද බැන වැදී ඇති අතර එයට කිපුණු සැරයන් වරයා දැරියට පහර දී ඇත.

පහරදීමෙන් තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා ශ්‍රීපුර රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.