15හැවිරිදි තම දියණිය වරින් වර අපයෝජනය කර ගැබිණියක් කළ පියෙකුට අධිකරණය දුන් දඬුවම..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 30, 2022 07:13 AM GMT
Report

මවගේ රැකවරණය අහිමි තම 15 හැවිරිදි දියණිය වරින්වර අපයෝජනය කර දරුවෙකු ප්‍රසූත කරන තත්වයට පත් කළ පුද්ගලයෙක්ට වසර 45 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ඊයේ (29) නියම කෙරිණ.

ඔහු පොළොන්නරුව - නිස්සංකමල්ලපුර ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර එසේම ලක්ෂ 10 ක වන්දියක් මෙන්ම ලක්ෂයක දඩයක් ද පොළොන්නරුව මහාධිකරණය සැකකරුට නියෝග කළේ ය.

නඩුවේ තීන්දුව පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් ප්‍රකාශයට පත් කළ අතර සිද්ධිය වාර්තාවන්නේ 2015 වසරේදි ය.

සැකකාර පියාට එල්ලවූ චෝදනා 3 ට වෙන් වෙන් වශයෙන් වසර 15 බැගින් වසර 45 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අතර අදාළ වන්දි මුදල විත්තිකාර පියා, ගෙවීම පැහැර හැරියහොත් තවත් වසර දෙකක සිරදඩුවමකට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙස ද අදාළ දඩ මුදල පැහැර හැරිම කළහොත් තවත් වසරක සිරදඩුවමක් ද මහාධිකරණය ඔහුට නියම කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join