කුලියට වාහන අරන්, උකස් කරලා ඒ සල්ලී අරන් සූදු පොලට ගිහින් - වාහන ගන්නකොට මේ ගැනත් දැනුවත් වන්න..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Negombo
By krishani Jun 13, 2023 03:31 AM GMT
Report

කුලී පදනමට වාහන ගෙන ඒවා විවිධ පුද්ගලයන්ට උගස්කර කැසිනෝ ක්‍රීඩා කළ පුද්ගලයෙකු පන්නල පොලිසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගැණින.

අදාළ සැකකරු වාහන 7කට අධික ප්‍රමාණයක් මෙලෙස කුලී පදනම මත ගෙන තිබෙනවා.

විමර්ශනවල දී හෙලී වී ඇත්තේ, ඔහු එලෙස ලබාගත් වාහනවලට ව්‍යාජ ලේඛන සකසා උකස් තබා මුදල් ලබා ගෙන ඇති බවයි 

සැකකරු වාරියපොල ප්‍රදේශයේ කාන්තාවකට වාහනයක් ලක්ෂ තිහකට උකස් කර තිබියදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

ඇය සොරබඩු ළඟ තබා ගැනීම මත අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම කාන්තාව ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.