දෙයියනේ මෙහෙමත් කරන්න පුලුවන් ද?. කුඩා දැරියක් මහල්ලෙකුට විවාහ කර දෙන්න ගිය සිත් පිත් නැති පියා..

Pakistan Latest Headlines Decision Making
By krishani Jun 16, 2024 11:54 AM GMT
krishani

krishani

in ලෝකය
Report

12 හැවිරිදි දැරියක් 72 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කර දීමට ගිය පුවතක් පිළිබඳව තොරතුරු පකිස්තානයෙන් වාර්තා වේ.

දෙයියනේ මෙහෙමත් කරන්න පුලුවන් ද?. කුඩා දැරියක් මහල්ලෙකුට විවාහ කර දෙන්න ගිය සිත් පිත් නැති පියා.. | Police Arrested One Person At Pakistan Police

එම අවස්ථාවේ දී පොලීසිය විසින් මනමාලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ පියා විසින් ඇයව පාකිස්තාන මුදලින් ලක්ෂ 5ක මුදලකට අදාළ මහළු පුද්ගලයාට විකිණීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

එහෙත් දැරියගේ පියා එම ස්ථානයෙන් පළා ගොස් ඇත.

ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, පාකිස්තානයේ මෙවැනි සිද්ධීන් දිගින් දිගටම වාර්තා වේ.

මේ අතර, ඉන්දීය තෙළිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ ප්‍රදීප් කේ. විජයන්ගේ සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

දින 02ක් පුරා මෙම රංගන ශිල්පියාව සම්බන්ධ කරගැනීමට නොහැකි වූ හේතුවෙන් ඔහුගේ මිතුරන්ට ඇතිවූ සැකයක් මත පොලිසියට පැමිණිලි කර ඇත.

එහිදී එරට පොලිසිය ජුනි 13 දින ඔහුගේ අගුළු දැමූ නිවස පිළිබඳ සැක මතුව අගුළු කඩා නිවසට ඇතුළු වී ඇති අතර එහිදී නිවස තුල මියගොස් සිටි විජයන්ගේ සිරුර සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බැලූ බැල්මට මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පෙනෙන්නට තිබුනත්, මෙය ස්වභාවික මරණයක්ද නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳ පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවද ඉන්දීය මාධ්‍ය පවසා සිටියේය.

ඉන්දීය තෙළිඟු සිනමාවේ දුෂ්ඨ සහ විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රචලිත විජයන්, අවසන් වරට රඟදක්වා ඇත්තේ "රුද්‍රන්" චිත්‍රපටයේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%