සිසුවියකට අතවර කළ ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක් අත්අඩංගුවට.. තවත් දැරියන් රවට්ටගන්න හදලා..
පෞද්ගලික උපකාරක පන්තියක වයස අවුරුදු දාසයක සිසුවියක් සමග ලිංගික සබදකම් පවැත් වූ අවුරුදු හතලිස් දෙකක ගුරුවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු යාපනයේ මනිපායී ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඔහුව ඊයේ (25) මනිපායී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම උපකාරක පන්තියට ගිය සිසුවියක් විසින් මේ සිද්ධිය අතවරයට ලක් වූ සිසුවියගේ දෙමව්පියන්ට පවසා ඇත.
පසුව එම දෙමව්පියන් මනිපායී පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තා වේ.
පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ ගුරුවරයා තවත් සිසුවියන් කීප දෙනෙකුම තම ග්‍රහණයට හසු කර ගැනීමට උත්සහ කොට ඇති බවයි.
නමුත් එම සිසුවියන් ඊට අවනත වී නොමැති බව වාර්තා වේ.
මේ සිසුවිය රවටා ගත් ගුරුවරයා ඇය සමග කාලයක් ලිංගික සබදකම් පවත්වා ඇති අතර සිසුවිය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබාගත් වාර්තාවකින් ඒ බව සනාථ වී තිබෙනවා.
පසුව ගුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇති අතර මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ගුරුවරයා යාපනයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන බවයි.
ඔහු නිදහස් අවස්ථාවලදී මනිපායී ප්‍රදේශයේ මෙම උපකාරක පන්තිය පවත්වා ගෙන ගොස් ඇත.
සිසුවිය සමග ඔහු ලිංගිකව හැසිරී ඇත්තේ එම උපකාරක පන්ති ගොඩනැගිල්ලේ තිබූ කාමරයකදී බවද වාර්තා වේ
කෙසේ වෙතත්, සැක කටයුතු ගුරුවරයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.