බාර් වලින් බෝතල් උස්සලා හරි හරියට කතුන්ට දීලා - අවසානයේ කතුන් එක්කම නැවතුණ තැන..

Sri Lanka Police Sri Lanka Police Investigation Hatton Latest Headlines
By krishani Jun 16, 2024 11:04 AM GMT
Report

හැටන්, මස්කෙලිය සහ කොටගල යන නගර වල පිහිටි මත්පැන් අලෙවිසැල් කඩා එහි තුල තිබු මත්පැන් බෝතල් සොරකම් කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාර් වලින් බෝතල් උස්සලා හරි හරියට කතුන්ට දීලා - අවසානයේ කතුන් එක්කම නැවතුණ තැන.. | Police Arrested One Person At Hatton

ඒ දිඹුල පොලිසියේ සහ හැටන් පොලිසියේ ආපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් ය.

සැකකරු හැටන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙක් වේ.

ඔහු කොටගල නගරයේ මත්පැන් අලෙවිසැලක් කඩා මත්පැන් බෝතල් සොරකම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහුව දිඹුල පතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඒ පිලිබදව හැටන් පොලිසිය දැනුවත් කිරිමෙන් පසු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත සැකකරු විසින් හැටන් නගරයේ මත්පැන් අලෙවිසැලකින් සොරකම් කළ මත්පැන් බෝතල් 41 ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.

සැකකරු විසින් සොරගන්නා ලද මත්පැන් බෝතල්, හැටන් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට අලෙවි කිරිම සදහා ලබා දී තිබෙනවා.

එම මත්පැන් බෝතල් තොගය සැකකාර කාන්තාවන් දෙදෙනාගේ නිවසේ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ දිඹුල පතන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් සඳහන් කළේ ය.