මෙහෙමත් රැවටිල්ලක් - අවුරුදු 05කට පසු කූඨ ප්ලෑන් එකක සුල මුළ සියල්ල හෙළි වෙයි.. ලක්ෂ ගණන් පුද්ගලයන්ට මුදල් වංචා කරලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Job Opportunity
By krishani Nov 17, 2023 01:14 AM GMT
Report

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වංචාව කළ පුද්ගලයා අල්ලා පොලීසියට භාර දී ඇත්තේ මීට වසර 05කට පෙර එම වංචාවට හසූ වූ කාන්තාවක විසින් ය.

ඒ අනුව අදාළ පුද්ගලයා තවත් අයෙකු මෙම වංචාවට හසුකර ගැනීම සඳහා දඹදෙණිය ප්‍රදේශයේ නිවසකට පැමිණි අවස්ථාවේදී ඔහුව කොටුකර ගැනීමට මෙන කාන්තාවට හැකි වී තිබෙනවා.

මෙම පුද්ගලයා කැනඩාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවල හෝටල් ක්ෂත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇත.

ඒ වසර ගණනාවකක සිටයි.

ඔහුගේ මෙම වංචාවට හසු වූ කාන්තාවක් එම පුද්ගලයා පිළිබඳ තොරතුරු දීර්ඝ කාලයක සිට රැස් කර ඇත.

ඔහු ඇයගෙන් මීට වසර 05කට පෙර රුපියල් ලක්ෂ 07ක මුදලක් ලබා ගෙන ඇත.

ඒ අනුව අදාළ පුද්ගලයා දඹදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම රට රැකියා ජාවාරමට හසු කර ගැනීම සදහා පැමිණෙන බවට ලද තොරතුරක් අනුව ඇයද එම නිවසට පැමිණ ඇති අතර එහිදී ඔහුව කොටු කරගැනීමට ඇයට හැකි විය.

අනතුරුව ගිරිඋල්ල පොලීසියේ නිළධාරීන් පැමිණ ඔහුව සහ ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැණින.