සෙල්ලම් බඩු අතර සූක්ෂමව අසුරා මෙරටට එවූ කෝටි ගාණක මත්ද්‍රව්‍ය..
Sri Lanka Police
Sri Lanka
By krishani
අමෙරිකා එක්සත් ජනපදයේ සිට සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂමව අසුරා ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි 2ට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
එම පාර්සලය රැගෙන යාමට පැමිණි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්, රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එකතුව එම වැටලීම සිදුකර ඇති අතර එම පාර්සලය තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 367 ක් තිබී ඇත.
සිද්ධිය සම්බන්යෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |