බිරිඳ හා මස්සිනා එකතු වී සැමියාගේ මත්පැන් වීදුරුවට වස දාලා..
සිය සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට සැක පිට බිරිද හා ඊට අනුබල දුන් ඇයගේ සොහොයුරා අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පැවසීය.
ඉකුත් 20 දා තම නිවසේ සිට මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ රෝගී තත්ත්වයක් මත සැකකාරියගේ සැමියා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු විෂ ශරීර ගත වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණය විය.
ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඇය තම සැමියාගේ මත්පැන් වීදුරුවට රන් ආලේප කිරීමට යොදා ගන්නා පොරම් නමැති විෂ රසායන ද්‍රව්‍යය දමා ඇතැයි හෙළි වී ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත කොස්ගහගොඩ විසූ රත්නගොඩ බරනාදුගේ ගයාන් චන්දිම කුමාර නමැති 45 හැවිරිදි අයෙක් වන අතර අදාල සැකකාර බිරිඳ එහිම පදිංචි 45 හැවිරිදි තිදරු මවකි.
සැකකරුවන් හෙට (26) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
කෙසේ වෙතත්, අදාල සිද්ධිය පිළිබඳ බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.