බුකියම රත් වුණ, රේල් පාරේ වැඩ කිඩ දැම්ම බස් රියදුරාට හිතුවෙවත් නැති දෙයක් වෙලා..(VIDEO)
                                    
                    Police spokesman
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහකට ලක් වුණා.

එම සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් වේ.
එම රියදුරු සිය බස් රථය පුවක්පිටිය ප්‍රදේශයේ දී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
කෙසේ වෙතත්, සැකකාර බස් රියදුරු සමග අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන පහතින්,