හිටපු පෙම්වතිය පැහැරගෙන ගොස් දඬුවමක් ලබා දුන් පෙම්වතා - දඬුවමෙන් පසු නැවතත් හිටිය තැනටම ගෙනත් දාලා.
මහමග ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව ත්‍රීරෝද රථයකින් පැහැර ගෙන ගොස් පහර දී නැවත පැහැර ගත් ස්ථානයටම ගෙනවිත් ඇරලු පුවතක් වාර්තා වේ.
ඇය වසරක පමණ කාලයක් සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත් වී ඇති අතර ඇය ඉන් අනතුරුව එම සම්බන්ධය නවතා ඇත.
එයට කෝප වූ සැකකාර පෙම්වතා මිතුරකු සමග පැමිණ මරදගහමුල - නෙල්ලිගහමුල ප්‍රදේශයේ දී එම තරුණියව පැහැරගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින් පහර දී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ ය.
අදාළ සැකකරු මැයි මස 30 වන දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු නියෝග කළේ ය.
සැකකරු දිවුලපිටිය - පල්ලියපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් වන අතර ඔහුට දැඩි කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප මත මුදාහැරුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |