ධාවනය කරමින් සිටිය දී ඇවිත් මෝටර් රථයක් පැහැර ගනී - මුදලුත් කොල්ල කාලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 18, 2023 01:40 AM GMT
Report

පොලොන්නරුව පොලිසිය විසින් සිවිල් ආරක්ෂක නිලධාරියෙකුගේ මෝටර් රථයක් පැහැරගත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වාහන අත්පත් කර ගැනීමේ නිලධාරීන් බව කියමින් ඔවුන් මෙලෙස මෝටර් රථය පැහැරගෙන ඇත්තේ.

අදාල සිවිල් ආරක්ෂක නිලධාරියා පොළොන්නරුව නගරයට සිය නිවසේ සිට යමින් සිටියදී වෙනත් රථයකින් පැමිණි සැකකරුවන් පිරිස සිවිල් ආරක්ෂක නිලධාරියාට පහර දී තිබෙනවා.

ඉන්පසුව එම මෝටර් රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත්, කාර් රථය තුළ තිබූ ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ද කොල්ල කා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.