වයස 14ක දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට චීවරධාරියෙක් ඇතුළු හතරක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 31, 2022 06:59 AM GMT
Report

වයස අවුරුදු 14ක පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අපරාධය සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකු ඇතුළු 04 දෙනෙකු දොඹගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි එම දැරිය පාසල් නිවාඩු කාලයේ දී දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි සිය නැන්දනියගේ නිවස වෙත පැමිණ ඇත.එම කාලසීමාවේ දී මෙම සිද්ධිය සිදුවී ඇත.

සිය මිත්තනිය සහ නැන්දනිය සමගින් විහාරස්ථානයට ගිය අවස්ථාවක දී ඔවුන් දෙදෙනාගේ ද සහාය ඇතිව අදාළ චීවරධාරියා විහාරස්ථානය තුළදීම මෙම දැරියට ලිංගික අතවර සිදුකර ඇත.

එම චීවරධාරියාගේ සහෝදරයෙකු ද දැරියගේ නැන්දනියගේ නිවසටම ගොස් දැරියට ලිංගික අතවර සිදු කර ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම සිදුවීමට සම්බන්ධය චීවරධාරියා, ඔහුගේ සහෝදරයා සහ මෙම අපරාධය ට අනුබල දුන් නැන්දනිය සහ මිත්තනිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join