කඩු, මන්න, අත් බෝම්බ සමග පුද්ගලයන් 04ක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 10, 2022 05:55 AM GMT
Report

නවගමුව - සමගි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ කඩු දෙකක්, මන්නා පිහි 4ක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 2ක්, අපරාධ සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද සමගයි.

මෙම පිරිස මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන දැඩිගමුවේ චමින්ද හෙවත් චමියා නැමැත්තා විසින් බවට හෙළි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join