ගජමුතු සමග පහක් අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 13, 2022 08:06 AM GMT
Report

කලවංචිකුඩි විශේෂ කාර්‍ය බලකාය විසින් පෙරේදා (11) සිදු කරන ලද සෝදිසි කිරීමක දී ගජමුතු සමග පුද්ගලයින් තිදෙනකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සිදු කර ඇත්තේ මහඔය - කෝන්වින්න ප්‍රදේශයේදි වන අතර එහිදී සැකකරුවන් සතුව තිබී වඳ වී යන ජාතික සම්පතක් ලෙස සැලකෙන දළ ඇතුන් මරා ලබාගත් ගජමුතු 05ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්‍ය බලකායට හැකි වී ඇත.

මොවුන් පස්දෙනා බිබිල,වැලිගම, බණ්ඩාරවෙල, අයිවෙල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25,32,39,49 සහ 53 යන වයස්වල පසුවන්නන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join