අන්තර්ජාලයෙන් මුදල් ගණුදෙනු කරන්නන්ට අනතුරු ඇඟවීමක්..

CID - Sri Lanka Police Sri Lanka Police
By krishani Nov 29, 2022 09:51 AM GMT
Report

අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරිමක් සම්බන්ධයෙන් සැකකරුවන් 8දෙනෙක් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පුද්ගලික බැංකුවක ගිණුම් දෙකකට අන්තර්ජාල බැංකු ගනුදෙනු පහසුකම් යටතේ අනවසරයෙන් ඇතුළු වී රුපියල් 13,765,000ක මුදල් වංචා කිරීමට අදාළවයි.

ඒ අනුව නොවැම්බර් 26 වනදා වාද්දූව, පිළියන්දල, බණ්ඩාරවෙල හා ගාල්ල යන ප්‍රදේශවලදී සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දූව හා පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළත් කිරීමෙන් පසු හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join