පාසල් ආසන්නයේ මත්ද්‍රව්‍ය විකිණූ 75ක් අත්අඩංගුවට - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?..
Sri Lanka Police
Sri Lanka
By krishani
බස්නාහිර පළාතෙහි පාසල් 122 ක් ආවරණය වන පරිදි ඊයේ (16) දින සිදුකළ මෙහෙයුමක දී ඒ අවට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ය.
එහිදී හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 375 ක්, අයිස් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 522 ක්, මත්පෙති 10 ක් සහ මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 148 ක් සොයාගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |